Posts

Showing posts from May, 2023

සන්නිවේදනය හැදින්විම

 සන්නිවේදනය කවදා කොතැනක ඇති වූයේ දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. නමුත් අපට ප්‍රකාශ කළ හැක්කක් ඇත. එනම් මානවයා සිතන්නට පටන් ගත් දිනයේ සිට සන්නිවේදනය ඇතිවූ බවයි. මහාචාර්ය විල්බර් ශ්‍රාම් පවසන ආකාරයට පොළොව මත ගෙවුණු දිගු ඉතිහාසය එක් දිනක් ලෙස කල්පනා කළ හොත් සන්නිවේදනය ඇති වූයේ ඊයේ මැදියම් රැයට නිමේශයකට පෙර ය.  සන්නිවේදනය සඳහා මිනිසාගේ පංචේන්ද්‍රයන් උපයෝගී කරගනු ලබයි. ඇස - දැකීම  කන - ඇසිම නාසය - ගඳ, සුවඳ දැනීම දිව  - රස බැලීම  සම  - ස්පර්ශය  සමාජයක් ලෙස කටයුතු කිරීමේදී කිරීමේදි එහි පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. සමාජයක් යනු අන්තර් ක්‍රියාකාරකම් වලින් සමන්විත පුද්ගල කණ්ඩායම් වල එකතුවකි. එහි ක්‍රියාකාරකම් යථාර්ථයක් බවට පත් වීමට නම් සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයකි.  වාචික හෝ හා අවාචික සන්නිවේදන ක්‍රම ඔස්සේ මෙය සිදුවේ. මහාචාර්ය හැරල් ඩී ලැස්වෙල් පවසන ආකාරයට ලෝකයේ ඉදිරි ගමන පවතින්නේ සන්නිවේදනය මතය. සන්නිවේදනයේ නිරතවන්නේ මානවයා පමණක් නොවේ. සතුන්ද සන්නිවේදනය නිරත වේ. මානවයා  වෙනස් වන්නේ අවශ්‍යතා මත හා සංකීර්ණත්වය මතය. මානව සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියකි. නමුත් සත්‍ත්ව  සන්නිවේදනය එසේ නොවේ. මිනිස