Posts

ජනප්‍රිය සංස්කෘතිය

Image
                      ජනප්‍රිය සංස්කෘතිය යනු? (Popular Culture) ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම. ජනප්‍රිය සංස්කෘතිය බිහිවීම ජනමාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. වර්තමානය වන විට ජනමාධ්‍ය කටයුතු කරනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමිනි. එසේ ම මූලික වශයෙන් ජනමාධ්‍ය අත්පත් කරගෙන සිටින්නේ  බටහිර රටවල්‍ ය. නිර්වචන සමාජයේ ජිිවත් වන හැම දෙනා ගේම සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.                                                   -බටහිර මතවාදය- කාර්මික විප්ලවයේ අතුරුඵලයක්  ලෙස ජනප්‍රිය සංස්කෘතිය හැදින්විය හැකිය.                                                     - ඡෝන් ස්ටෝරි-  ජන මෝහනීය සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.                                              -මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර - රටක උසස් සංස්කෘතියක් නිර්මාණය කිරීම සදහා තිබිය යුතුම සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.                                                         -ටී.එස්. එලියට්- ජනප්‍රිය සංස්කෘතිය යනු, සමාජයක බහුතරයක් පිරිස වැළද ගනු ලබන පරිභෝජනය කරනු ලබන උපයෝගීතාවයෙන් සැදුම්ලත් කාලයෙන් කාලයට වෙනස් වන සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.      

ශ්‍රිි ලංකාවේ පුවත්පත් කලාවේ ඉතිහාසය

Image
        ශ්‍රී ලංකාවේ පුවත්පත ප්‍රකාශයට පත්ව වසර 180කට ආසන්න ය. වර්ෂ 1802 ඇරඹි රජයේ ගැසට් පත්‍රය ලංකාවේ මුල්වරට පුවත්පතක හැඩය ගත් නිල ප්‍රකාශනය වේ. ලංකාවේ පුවත්පතක්  නොමැති කාල වකවානුවේදී ඉංග්‍රීසි, ලන්දේසි වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන් මුද්‍රණය ගැසට් පත්‍ර,  නිල නිවේදන, මතකාවර්ජන, සංචාරක වැඩසටහන්, නිසදෙස්  ඉදිරිපත් කරන්නට විය. 1832 කාලවකවානුව දක්වා ලක්දිව බිහි වූ ප්‍රථම පුවත්පත වශයෙන් මුද්‍රිත ගැසට්පත්‍රය පැවති බව ඓතිහාසික මූලාශ්‍ර හරහා පැහැදිලි වේ. නමුත් ඊට දශක කිහිපයකට පෙර එනම් 1805 කාල  වකවානුවේදී ලංකාව තුළ (ceylon intelligence ) යනුවෙන් කුඩා පොත්  සටහන් සහිත පත්‍රිකා පැවති බවද සඳහන් වේ. කෙසේ නමුත් ලංකාව තුල පුවත්පත් කලාවේ විකාශනය පහත පරිදි දැක්විය හැකිය. කලම්බු ජර්නල් (colombo journal) 1832  ලංකාව තුළ කලම්බු ජර්නල් පුවත්පත ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ලෙස සඳහන් කළ හැකිය.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙම පුවත්පත පිළිබඳව සඳහන් කළ ඇති බවට සාධක හමු වීමත්, රජයේ මුද්‍රණාලයක  මුද්‍රණය කළ ඇති බවට තහවුරු වීම ද එම පුවත්පත පැවති බවට සාධක සපයයි. ලංකාවේ පුවත්පත් කලාව බිහි වීම කෙරෙහි මූලික අඩිතාල

සන්නිවේදනය පිළිබද නිර්වචන

Image
සන්නිවේදනය පිළිබඳ නිර්වචන ගණනාවක් ඉදිරිපත් වී ඇත. මෙම නිර්වචන ඉදිරිපත් කර ඇත්තේ විවිධ පුද්ගලයන් විසිනි. මෙම නිර්වචන පර්යාලෝක හා දෘෂ්ටි කෝණ අනුව සැකසී තිබේ. සන්නිවේදනය පිළිබඳ පිළිබඳ විද්වතුන් පමණක් නොව වෙනත් විෂය ක්ෂේත්‍ර හා සම්බන්ධ පුද්ගලයන් ද මේ සම්බන්ධව නිර්වචන ඉදිරිපත් කර ඇත.  එහිදී  දේශපාලන විද්‍යාව පිළිබඳ විශාරද වරයෙක් වූ  හැරල්ඩ් ලැස්වෙල් සන්නිවේදනය පිළිබඳව මෙවැනි අදහසක් දක්වයි. යම් කිසිවෙක් ,යම් කිසිවක්, කිසියම් මාධ්‍යයකින්,  යමෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනයයි . හැරල්ඩ් ඩි ලැස්වෙල්ගේ සන්නිවේදන නිර්වචනයන් තුළ  ප්‍රධාන සන්නිවේදන මූලිකාංග 05 ක් ඔස්සේ තොරතුරු ගලා යන බව දක්වයි. මේ තුළ ඒක මාර්ගිය සන්නිවේදනයක් එනම් එක් දිශාවකට පමණක් තොරතුරු ගලායෑමක් දක්නට ලැබේ.             සන්නිවේදකයා → පණිවිඩය→ මාධ්‍ය→ග්‍රාහකයා→බලපැම සන්නිවේදනයේ පියා ලෙස හ හැදින්වෙන සමාජ විද්‍යාඥයකු වූ විල්බර් ශ්‍රාම් සන්නිවේදනය ලෙස හඳුන්වන්නේ, තොරතුරු ගැබ්වූ සංඥාවක් කරණ කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික ස්වභාවයක් ඇති කිරීම සන්නිවේදනයයි. ගණිතඥයින් දෙපළක් වන ක්ලෝඩ් ෂැනොන් හා වොරන

සන්නිවේදනය හැදින්විම

 සන්නිවේදනය කවදා කොතැනක ඇති වූයේ දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. නමුත් අපට ප්‍රකාශ කළ හැක්කක් ඇත. එනම් මානවයා සිතන්නට පටන් ගත් දිනයේ සිට සන්නිවේදනය ඇතිවූ බවයි. මහාචාර්ය විල්බර් ශ්‍රාම් පවසන ආකාරයට පොළොව මත ගෙවුණු දිගු ඉතිහාසය එක් දිනක් ලෙස කල්පනා කළ හොත් සන්නිවේදනය ඇති වූයේ ඊයේ මැදියම් රැයට නිමේශයකට පෙර ය.  සන්නිවේදනය සඳහා මිනිසාගේ පංචේන්ද්‍රයන් උපයෝගී කරගනු ලබයි. ඇස - දැකීම  කන - ඇසිම නාසය - ගඳ, සුවඳ දැනීම දිව  - රස බැලීම  සම  - ස්පර්ශය  සමාජයක් ලෙස කටයුතු කිරීමේදී කිරීමේදි එහි පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. සමාජයක් යනු අන්තර් ක්‍රියාකාරකම් වලින් සමන්විත පුද්ගල කණ්ඩායම් වල එකතුවකි. එහි ක්‍රියාකාරකම් යථාර්ථයක් බවට පත් වීමට නම් සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයකි.  වාචික හෝ හා අවාචික සන්නිවේදන ක්‍රම ඔස්සේ මෙය සිදුවේ. මහාචාර්ය හැරල් ඩී ලැස්වෙල් පවසන ආකාරයට ලෝකයේ ඉදිරි ගමන පවතින්නේ සන්නිවේදනය මතය. සන්නිවේදනයේ නිරතවන්නේ මානවයා පමණක් නොවේ. සතුන්ද සන්නිවේදනය නිරත වේ. මානවයා  වෙනස් වන්නේ අවශ්‍යතා මත හා සංකීර්ණත්වය මතය. මානව සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියකි. නමුත් සත්‍ත්ව  සන්නිවේදනය එසේ නොවේ. මිනිස