ජනප්‍රිය සංස්කෘතිය





                      ජනප්‍රිය සංස්කෘතිය යනු? (Popular Culture)

  • ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම.


ජනප්‍රිය සංස්කෘතිය බිහිවීම ජනමාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. වර්තමානය වන විට ජනමාධ්‍ය කටයුතු කරනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමිනි. එසේ ම මූලික වශයෙන් ජනමාධ්‍ය අත්පත් කරගෙන සිටින්නේ  බටහිර රටවල්‍ ය.

  • නිර්වචන

සමාජයේ ජිිවත් වන හැම දෙනා ගේම සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.

                                                  -බටහිර මතවාදය-


කාර්මික විප්ලවයේ අතුරුඵලයක්  ලෙස ජනප්‍රිය සංස්කෘතිය හැදින්විය හැකිය.

                                                    - ඡෝන් ස්ටෝරි-


 ජන මෝහනීය සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.

                                             -මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර -

රටක උසස් සංස්කෘතියක් නිර්මාණය කිරීම සදහා තිබිය යුතුම සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.

                                                        -ටී.එස්. එලියට්-

ජනප්‍රිය සංස්කෘතිය යනු, සමාජයක බහුතරයක් පිරිස වැළද ගනු ලබන පරිභෝජනය කරනු ලබන උපයෝගීතාවයෙන් සැදුම්ලත් කාලයෙන් කාලයට වෙනස් වන සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.

                                                         -ජේම්ස් කාටර්-

භාෂාව, කලාව , සිරිත් විරිත්, අභිචාර විධි, ආගමික මත, ඇදුම් පැළදුම්,ආහාර පාන, හැසිරීම් , ගෘහ නිර්මාණ ආදියෙහි පිපිරීමත් ඒවාට නව ලක්ෂණ එකතු වීමත් ජනප්‍රිය සංස්කෘතිය නම් වේ.

                                            -එවරට් . එම්. රොජස්-

ජනප්‍රිය සංස්කෘතිය හා ජනමාධ්‍ය අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවයකි.

                                                            - කේ. ටියුනර්-




  • ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ

  1. සෑම සමාජ පන්තියක් ම ආකර්ෂණය කර ගනී.
  2. වාණිජත්වය මත රදා පවතී.
  3. ජනමාධ්‍ය මත වය්‍යාප්ත වේ.
  4. කල්පවත්නා ස්වාභයක් නොමැති වීම.
  5. සෑම විටම කාලීන තත්ත්වයක් මත ගොඩනැගීම.
  6. මහා පරිමාණ ලෙස නිෂ්පාදන හා බෙදා හැරීම

Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රිි ලංකාවේ පුවත්පත් කලාවේ ඉතිහාසය

සන්නිවේදනය පිළිබද නිර්වචන