සන්නිවේදනය පිළිබද නිර්වචන


සන්නිවේදනය පිළිබඳ නිර්වචන ගණනාවක් ඉදිරිපත් වී ඇත. මෙම නිර්වචන ඉදිරිපත් කර ඇත්තේ විවිධ පුද්ගලයන් විසිනි. මෙම නිර්වචන පර්යාලෝක හා දෘෂ්ටි කෝණ අනුව සැකසී තිබේ. සන්නිවේදනය පිළිබඳ පිළිබඳ විද්වතුන් පමණක් නොව වෙනත් විෂය ක්ෂේත්‍ර හා සම්බන්ධ පුද්ගලයන් ද මේ සම්බන්ධව නිර්වචන ඉදිරිපත් කර ඇත.

 එහිදී  දේශපාලන විද්‍යාව පිළිබඳ විශාරද වරයෙක් වූ  හැරල්ඩ් ලැස්වෙල් සන්නිවේදනය පිළිබඳව මෙවැනි අදහසක් දක්වයි.

යම් කිසිවෙක් ,යම් කිසිවක්, කිසියම් මාධ්‍යයකින්,  යමෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනයයි .

හැරල්ඩ් ඩි ලැස්වෙල්ගේ සන්නිවේදන නිර්වචනයන් තුළ  ප්‍රධාන සන්නිවේදන මූලිකාංග 05 ක් ඔස්සේ තොරතුරු ගලා යන බව දක්වයි. මේ තුළ ඒක මාර්ගිය සන්නිවේදනයක් එනම් එක් දිශාවකට පමණක් තොරතුරු ගලායෑමක් දක්නට ලැබේ. 

           සන්නිවේදකයා → පණිවිඩය→ මාධ්‍ය→ග්‍රාහකයා→බලපැම

සන්නිවේදනයේ පියා ලෙස හ හැදින්වෙන සමාජ විද්‍යාඥයකු වූ විල්බර් ශ්‍රාම් සන්නිවේදනය ලෙස හඳුන්වන්නේ,

තොරතුරු ගැබ්වූ සංඥාවක් කරණ කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික ස්වභාවයක් ඇති කිරීම සන්නිවේදනයයි.

ගණිතඥයින් දෙපළක් වන ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර්  සන්නිවේදනය පිළිබඳව  දක්වා ඇති අදහස වන්නේ,

 යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීමයි .

චාල්ස් කුලී,

 මානව සබඳතා රඳවා  සිටින්නා  වූත් ,වර්ධනය කරන්නා වූත්,සියලුම සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහය කිරීමටත් කාලය බැඳුම් වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කිරීමටත් උපකාරී වන උපක්‍රමය සන්නිවේදනය බවයි.

කෝලිය විශ්වකෝෂය සන්නිවේදනය පිළිබඳව දක්වා ඇත්තේ මෙවැනි අදහසකි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ කෙනකුගෙන් කෙනකුට හෝ ස්ථානයකින් ස්ථානයකට තොරතුරු ගලා ගලා යාම සන්නිවේදනයයි.

එඩ්වට් සැපියර්,

 සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතුකොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යන සබඳතා ජාලයයි.  සෑම චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම  සෘජුව හෝ වක්‍රව සන්නිවේදනය හා සම්බන්ධව ඇත.

ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය අදහස්, දැනුම යනාදිය භාෂණය හෝ හා ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කරගැනීම සන්නිවේදනයයි.

Comments

Post a Comment

Popular posts from this blog

ජනප්‍රිය සංස්කෘතිය

ශ්‍රිි ලංකාවේ පුවත්පත් කලාවේ ඉතිහාසය