ළමා මනස හා රුපවාහිනිය
පුංචි ළමයි මල් වගේ යැයි කියමනක් පවතී. ඒ ළමයින් මල් වගේ සියුමැලි බැවිනි. කුඩා කාලයේ දී ඔවුන්ගේ මනසේ තැන්පත් වන සිදුවීම් වයස මුහුකුරා ගියද ඒවා මතකයෙන් මැකී නොයයි. එම නිසා දරුවන්ට නිවැරදි මග පෙන්වීමක් ලැබීම ඉතා වැදගත්. ළමයින් රූපවාහිනිය නැරඹීම සදහා දැඩි රුචිකත්වයක් දක්වයි. එය ශ්‍රව්‍ය, දෘශ්‍ය මෙන්ම ආකර්ෂණය වූ මාධ්‍යයක් නිසා විය හැකිය. දරුවන් රූපවාහිනි තුලින්ද නොයෙකුත් දේ ඉගෙන ගනු ලබයි. ඒවා සියල්ලම ඔවුන්ට ගැලපෙනවාද යන්න ගැටලුවකි. එනම් රූපවාහිනිය අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් ඉලක්ක කර ගනිමින් වැඩසටහන් විසුරුවා හරිනු ලබන මාධ්‍යයක් වන බැවින් කුඩා දරුවන්ට නොගැලපෙන සන්දේශ ද එහි අන්තර්ගත වේ . ජනමාධ්‍ය තම වාණිජ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ක්‍රියා කරයි. එහිදී හරවත් වැඩසටහන් විකාශනය යන සාධකය වූ තුළින් ගිහි ගොස් ඇත. වැඩි මුදලක් උපයා ගැනීමට ඕනෑම දෙයක් තම නාලිකා හරහා විකාශනය කරන මට්ටමට ඔවුන් පැමිණ ඇත. ඒ සියලු දේවල් ඉතා ආකර්ෂණීය ලෙස අපේ ආලින්දයට රැගෙන එන බැවින් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද නොදැනුවත්ව ම ඒවාට ආකර්ෂණය වේ.
දරුවන්ගේ රූපවාහිනී භාවිතය තුළ වැඩිම ආකර්ෂණයක් ඇත්තේ කටුන් සදහාය. ඔවුන් කාටුන් වල සිටින ඇතැම් චරිත විරයන් ලෙස පිළිගනී. ඔවුන් අනුකරණය කිරීමට පවා පෙළෙඹෙයි. කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන කාටූන් වැඩසටහන් පවා වර්තමානය වන විට ඉතා ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ඒවා තුලින් ද ඉදිරිපත් කරන්නේ අනෙකාට පහර දීම, තවත් අයකු පරාජයට පත්කර කර සතුටු වීම, මංකොල්ලකෑම, ඝාතනය කිරීම් ආදී වූ ප්රකෝපකාරි තත්ත්වයන්ය. මේවා ළමා මනසට ඉතා ඉක්මනින් කාවදී. කාටුන් තුළ නිරූපණය කරනු ලබන්නේ ද ඔවුන්ගේ වයසේම පසුවන පිරිසක් ඔවුන්ද බැවින් එලෙස කළ යුතු බවට වැරදි ආකල්පයක් ඔවුන් තුළ ගොඩ නැගෙයි.
ළමයා ඉලක්ක කරගත් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය ද රූපවාහිනිය තුළ බහුලව සිදුවේ. මේවා බොහෝ දුරට විකාශනය කරනු ලබන්නේ කාටුන් වැඩසටහන් යන අවස්ථාවේදී ය. එනම් ළමයා ඉලක්ක කරගත් කාල පරාසය එය වන බැවිනි. ක්ෂණිකව සකසන ආහාර පාන, කුඩා දරුවන් වෙනුවෙන් නිපදවූ විවිධ උපකරණ මෙම කාල සීමාව තුළ විකාශනය කරමින් ඒවාට දරුවන් පොළඹවා ගැනීමට උත්සාහ දරයි. කෙතරම් ශරීරයට අහිතකර අමුද්‍රව්‍ය දමා මේවා සකසා තිබුනද ඉතා ආකර්ෂණීය ලෙස ඒවා දරුවා ඉදිරියට යෙන එන බැවින් ඔවුන් එම ආහාර පානම ලබාගැනීමට රුචිකත්වයක් දක්වයි. මේවා හරහා දරුවන්ගේ අවශ්‍යතා රූපවාහිනියට උවමනා වුවමනා ආකාරයට ගොඩනැංවීමක් සිදුකරයි. ළමා මනස ඔවුන්ට අවශ්‍ය ආකාරයට පාලනය කිරීමක් මේ හරහා සිදු කරනු ලබයි.
Comments
Post a Comment