ශ්‍රිි ලංකාවේ පුවත්පත් කලාවේ ඉතිහාසය

 


      ශ්‍රී ලංකාවේ පුවත්පත ප්‍රකාශයට පත්ව වසර 180කට ආසන්න ය. වර්ෂ 1802 ඇරඹි රජයේ ගැසට් පත්‍රය ලංකාවේ මුල්වරට පුවත්පතක හැඩය ගත් නිල ප්‍රකාශනය වේ. ලංකාවේ පුවත්පතක්  නොමැති කාල වකවානුවේදී ඉංග්‍රීසි, ලන්දේසි වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන් මුද්‍රණය ගැසට් පත්‍ර,  නිල නිවේදන, මතකාවර්ජන, සංචාරක වැඩසටහන්, නිසදෙස්  ඉදිරිපත් කරන්නට විය. 1832 කාලවකවානුව දක්වා ලක්දිව බිහි වූ ප්‍රථම පුවත්පත වශයෙන් මුද්‍රිත ගැසට්පත්‍රය පැවති බව ඓතිහාසික මූලාශ්‍ර හරහා පැහැදිලි වේ. නමුත් ඊට දශක කිහිපයකට පෙර එනම් 1805 කාල  වකවානුවේදී ලංකාව තුළ (ceylon intelligence ) යනුවෙන් කුඩා පොත්  සටහන් සහිත පත්‍රිකා පැවති බවද සඳහන් වේ. කෙසේ නමුත් ලංකාව තුල පුවත්පත් කලාවේ විකාශනය පහත පරිදි දැක්විය හැකිය.

  • කලම්බු ජර්නල් (colombo journal)




1832  ලංකාව තුළ කලම්බු ජර්නල් පුවත්පත ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ලෙස සඳහන් කළ හැකිය.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙම පුවත්පත පිළිබඳව සඳහන් කළ ඇති බවට සාධක හමු වීමත්, රජයේ මුද්‍රණාලයක  මුද්‍රණය කළ ඇති බවට තහවුරු වීම ද එම පුවත්පත පැවති බවට සාධක සපයයි.

ලංකාවේ පුවත්පත් කලාව බිහි වීම කෙරෙහි මූලික අඩිතාලම යොදනු ලැබුවේ බ්‍රිතාන්‍ය පාලකයින් ය.1829 වසරේ  කෝල්බෲක්-කැමරන් නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ලාංකීය දේශපාලන පසුතලයට යම් යම් දේ ඒකරාශී කරන්නට විය. එකල  පාලකයෙකුව  සිටි කැමරන් විසින්  ස්වදේශිකයන් වෙනුවෙන් පෙනී සිටි අයකු වූ අතර මොහු කියා සිටියේ ස්වදේශිකයන්ට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවයි. මෙකී නිර්දේශය  පළමු වරට ලංකාවේ පුවත්පත බිහිවන්නට  ප්‍රබල බලපෑම් සපයයි.

1821 වසරේ ලංකාවට පැමිණි නව  ආණ්ඩුකාරවරයෙකු වූ විලියම්  හෝල්ටන්ගේ ආගමනය පුවත්පත බිහිවීමට ප්‍රභලව බලපෑ සාධකයක් විය. ලංකාවට ඔහු සංක්‍රමණය වූ සමය වන විට බ්‍රිතාන්‍ය තුළ පුවත්පත් කලාව ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්ව තිබූ අතර පුවත්පත්   භාර අධිකාරී වරු  ලෙස පූජකයන් සිටින්නට විය. ඔහු ලක්දිවට පැමිණි පසු ඔහුට පෙනී  ගියේ ලංකාව තුළ මාධ්‍ය භාවිතා නොවන බවයි.ඒ අනුව ඔහු දිගින් දිගටම කියා සිටියේ ඔහුට පුවත්පතක් නොමැති රටක් පාලනය කළ නොහැකි බවයි.ඒ අනුව ලංකාව තුළ නිල නොවන ලෙස පළමු පුවත්පත රජයේ මුද්‍රණාලයක නිර්මාණය කිරීමට ඔහු පටන් ගත්හ. රජයේ නිලධාරීන් අතින් ලියැවුණු මෙම පුවත්පත ජෝර්ජ් ලී සංස්කරණය කරන ලදී.

එම පුවත්පත විනාශ වීම හෙවත් වාරණය කිරීම ඉන් වසරක ආසන්න කාලයක දී සිදු විය.එනම් රජයේ යම් යම් දේ විවේචනය කරමින් කියවීම, මහජන මතය වැඩි දියුණු කිරීමට ලිවීම ආදී හේතූන් මත මෙම පුවත්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු තීරණ වලට අනුව තහනම් කළ අතර 1833 දී පුවත්පත මුද්‍රණය කිරීම නවතා දමණ  ලෙස නියෝග කරමින් ලංකාවේ පුවත්පත් කාර්යය පුද්ගලික අංශයට පැවරුණි.

  • ඔබ්සවර්  පුවත්පත(The Observe )


    1833 වසරේ පුද්ගලික අංශයට පැවරුණු පුවත්පත ලංකාවේ බිහිවූ රජයට සම්බන්ධ වූ පුවත්පත් කලාවේ පුනරාගමනයට හේතු වුණි. 1834   වසර තුළ මුල්ම පෞද්ගලික පුවත්පත ලෙස ද The Observe  බිහිවුණි. වර්තමානය වන විටත් යම් යම් වෙනස්කම් වලට භාජනය වන පුවත්පතක් ලෙස තවමත් ජීවමානව පවතින පුවත්පතක් ලෙස මෙය දැක්විය හැකිය.වර්තමානයේ මෙය sunday observer ලෙස ප්‍රකාශයට පත් වේ. 

ලංකාවේ දෙවෙනි  පුවත්පත හා පළමු පෞද්ගලික අංශයේ පුවත්පත ලෙස The observe and commercial advertiser විය . මෙය යුරෝපීය ජාතිකයන් දෙපලක් වෙන ජී.ඇක්ලන් ඩි සහ ඊ.ජේ.ඩාර්ලි  විසින් නිර්මාණය කරන ලදී.මෙහි ව්‍යාපාරික තොරතුරු ආදිය පළ වුණේ.

උදාහරණ ලෙස: 

කුලු බඩු වල මිල ගණන්  

කාලගුණික තොරතුරු

ආදිය පළ වුණි. නමුත් මෙම පුවත්පත පවත්වාගෙන යාමට නොහැකි විය. මෙම හේතුව නිසාවෙන් මෙය ව්‍යාපාරික ප්‍රජාව මෙය විකුණන්ට විය. ඒ අනුව එය මිලදී ගනු ලැබුවේ ක්‍රිස්ටෝපර් නම් උතුරු පළාත භාර සහකාර වෛද්‍යවරයෙකු විසිනි. එය observer  පුවත්පතේ ස්වර්ණමය යුගය විය. කර්තෘ හා අයිතිකරු එක් අයකු වීම මෙම පුවත්පත  බිහිවීම නවතම මගකට හැරීමට හේතු විය. ක්‍රිස්ටෝපර් විසින් තම පුවත්පත ඉතා හොඳින් පවත්වාගෙන යන්නට විය. ඔහු සිය පුවත්පතේ අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කළහ. ඔහු නිතරම කියා සිටියේ පුවත්පතක් නම් එය රජයේ විවේචනයක් විය යුතුය,  පුවත්පත සමාජ සංවිධානයක් විය යුතුය යන්නයි. ඔහු මෙම මත දෙකට අනුව සිය පුවත්පත රජයට එරෙහිව මෙහෙයවන්නට විය.

බදු ක්‍රමය පිළිබඳව  පැහැදීමක් නොමැති මොහු පුවත්පත තුළ ඒ පිළිබඳව ලියන්නට විය.ඔහුගේ මතය වූයේ නියෝගයක් නොමැතිව බදු ගෙවීමට නොහැකි බවයි. එසේම 1815  උඩරට ගිවිසුම මඟින් උඩරට ගිවිසුමේ වගන්ති හරිහැටි  නොවේ යැයි කියමින් මොහු "උඩරට සිංහලයන් විතර වෙතට" යනුවෙන්  පුවත්පතට ලිපියක් ලියන්නටවිය. 

එසේම ඉංග්‍රිසි පාලනයට විරුද්ධව 1848 කැරැල්ල නිර්මාණය වූ සමයේ ඊට පක්ෂපාතී  වෙමින් රජයට විරුද්ධව විවිධ පුවත්පත් වාර්තා ලියන්නට විය. කෙසේ නමුත් මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයන් මොහු පලවා දැමීමට කටයුතු කරනු ලැබූව ද  එය අසාර්ථක විය. 

කැරැල්ල මර්දනය කිරීම උදෙසා මිනිසුන් මරා දැමීම ආදී බිහිසුණු ක්‍රියා පිළිබඳව මොහු  පුවත්පතට ලියන ලදී. මේ හේතුවෙන් මෙම පුවත්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අතට පත්වූ අතර  එහිදී  ලක්දිව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා හා ලේකම්ව සිටි පුද්ගලයා සේවයෙන් නෙරපා මව් රට වෙතට  නැවත කැඳවන ලදී.

  • සිලෝන් ටයිම්ස්(ceylon times) 

Time of ceylon  නම්  පුවත්පත 1846 බිහිවූ අතර Wilson   සහ Ritchie  and company යන පිරිස මෙහි හිමිකරුවන් වේ. ලංකාව තුළ බිහි වූ ප්‍රථම පුවත්පත් ආයතනය ලෙස මෙය සැලකේ. එසේම මෙය වෘත්තිමය පුවත්පත් ආයතනයක් ලෙස පිළිගැනේ.

 Times පුවත්පත හට ජෝර්ජ් කැපර්ගේ  සේවාව ටයිම්ස් පුවත්පත වර්ධනය වීම හා විකාශයට සෘජුව බලපාන්නට  දවිය. 1958 වසරේ ජෝර්ජ්  කැපර් ටයිම්ස් පුවත්පත් ආයතනයේ  අයිතිය  සියතට ගත් අතර ඔහු යුරෝපියානු වෙළඳුන් උදෙසා වන නිල නොලත් මන්ත්‍රී ධූරය හිමි තැනැත්තා විය.මේ හේතුව නිසාම මෙම  පුවත්පතට   රාජ්‍යයන්වල අනුග්‍රහය හිමි වුණි . 

ටයිම්ස් පුවත්පත  හරහා සිදු වූයේ මෙරට පක්ෂපාතී රජයේ මත ඉදිරිපත් කිරීමය. මෙම පුවත්පත් ආයතනය විශාල වශයෙන් තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් ඉතා වේගයෙන් පුවත්පත මුද්‍රණය කරන්නට විය.


 ලංකාවේ සිංහල පුවත්පත්

ලංකාවේ සිංහල පුවත්පත් කලාව බිහි වීම කෙරෙහි සාකච්ඡා කරන විට ඊට බොහෝ සාධක පැවතුණු පැවතුන බව  කිවහැකිය. ඊට හේතු ලෙස,

1. සිංහල මුද්‍රණාලයක් ලංකාවේ නොතිබීම. 

2. ලංකාවේ දෙමළ පුවත්පත් පැවතුන අතර ඒවා මිෂනාරි අධ්‍යාපනය තුළ මුද්‍රණාල මත බිහිවීම.

3. බ්‍රිතාන්‍ය පාලනයට යටත් ව පැවතීම.

4. මුද්‍රණය අපහසු වීම.

මේ අනුව ලංකාව තුළ පැවති දෙමළ පුවත්පත් මුද්‍රණය හා ඉංග්‍රීසි පුවත්පත් මුද්‍රණ යන්ත්‍ර පැවතීම පුවත්පත් කලාව දියුණු කරගත් නමුදු සිංහල පුවත්පත ලක්දිව නොපැවතීම විශාල අඩුපාඩුවක් බව සිතූ ලාංකික භික්ෂූන් වහන්සේ නමක් වූ බුලත්ගම ධම්මාලංකාර හිමියන් ලංකාවේ කාල ප්‍රදේශයේ පුද්ගලයන්ගේ යම් මුදලක් එකතු කරන්නට විය. මේ අනුව ලංකාව තුළම සිංහල මුද්‍රණ යන්ත්‍රයක් ගෙන ඒමට පියවර ගත් අතර එහි මූලිකත්වය තායිලන්තයේ රජු දරා ඇති බව සඳහන් වේ.

 

  • ලංකාලෝකය 

 ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත ලෙස සැලකෙන ලංකාලෝකය 1860 වසරේ මුද්‍රණය කරන ලද්දකි.ව්‍යාපාර තොරතුරු පිළිබඳව ව්‍යාපාරිකයන්ට දැනගැනීමට හැකිවීම මෙම පුවත්පත් මුද්‍රණය අරමුණ විය. ලංකාලෝකය පුවත්පත මුදල් අගහිඟකම් නිසා වසර දෙකකට පසු නතර කර දැමිය නැවත 1866 සිට මෙම පුවත්පත මුද්‍රණය කිරීම සිදු කර තිබේ.


  • ලක්මිණි පහන

 ලංකාලෝකය පුවත්පතෙන්  පසුව ලංකාව තුළ කැපී පෙනෙන පුවත්පතක් ලෙස ලක්මිණි පහන පුවත්පත පෙන්වා දිය හැකිය.මෙය ලංකාව  තුළ පළමු ලියාපදිංචි කළ පුවත්පත ලෙස හඳුන්වයි. වර්ෂ 1862 කොක්ගල ධර්මරත්න පියතුමාගේ කර්තෘත්වයෙන් බිහිවිය. එහි ප්‍රකාශක ලෙස කටයුතු කළේ පෙන්දින්  පෙරේරාය.  ලක්මිණි පහන පුවත්පත අවස්ථා  ගණනාවකදීම මුද්‍රණය අඩාල වූ අතර පසුකාලීනව මෙම පුවත්පත පළ වූයේ කුමාරතුංග පහන් කතුවැකි ලෙසය.

  • සරසවි  සඳරැස 

 පුවත්පත් කලාවේ විශාල වෙනසක් ඇති කරමින් බිහිවුණු සරසවි සඳරැස 1860 වසරේ දෙසැම්බර් එක් වන දින ආරම්භ විය. ලංකාව තුළ බොහෝ කාලයක් කැපී පෙනෙන පුවත්පතක් ලෙස මෙය හැඳින්වේ. මෙය සමාජ ව්‍යාපාර ඔස්සේ බිහි වූවකි.

මෙම පුවත්පත නිර්මාණය වීමට පසුබිම වන්නේ පානදුරා වාදයයි. 1880 වන විට මිෂනාරි  ආගම් ප්‍රචාරය කරලීම සඳහා පුවත්පත යොදා ගන්නට විය. මේ හේතුවෙන් ලාංකීය බෞද්ධ පුවත්පතක  අවශ්‍යතාවය අවස්ථා කීපයකම  මතුවිය. මේ අනුව මෙම පුවත්පත බිහිවීමට මූලික අඩිතාලම යොදනු ලැබුවේ  පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය මගින් යෝජනා 16 ක් මඟින්  හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් යෝජනා කරන ලද "සරසවි සඳරැස "යන නාමය තෝරාගත් අතර මෙහි ඇති මුල්ම කවිය ශ්‍රී සුමංගල හිමියන් විසින් ලියන ලද්දකි.  එසේම මෙම පුවත්පතේ කර්තෘ වූයේ සුමංගල හිමියන්ගේ ගෝලයකු වූ වේරගම බෝධිනායක ධර්මාලංකාර පුංචිබණ්ඩාර පඩිතුමාය. ඔහුගෙන් පසුව එහි කතුවරයා වූයේ එච්. එම් පෙරේරා විය. පසුව ඇතිවූ ආරවුලකින් ඔහු ඉවත් කළ බව සඳහන් වේ. 

1880 වර්ෂයේ ඇතිවූ මෙම පුවත්පතට දැඩි විරෝධතා ඇති වූ නමුත් සහායකයින්ගේ කැපවීම මත පුවත්පත පවත්වාගෙන යා හැකි විය. එසේම ආගමික ප්‍රකාශනයක් ලෙස එය රටවල් වල ප්‍රචාරය විය. පුවත්පතක තිබිය යුතු අංග ලක්ෂණ වලින් මේ සමන්විත විය. පසු කාලීනව මෙය "දිනමිණ" පුවත්පත ලෙස ප්‍රකාශනයට පත් විය. මින් අනතුරුව ඥානාර්ථ ප්‍රදීපය, The ceylon ආදී පුවත්පත් බිහිවිය.

  • කවට කතිකයා 


ලංකාවේ පළමු කවට පුවත්පත කවට කතිකයා ලෙස හඳුන්වයි. මීට වසර 147 කට පෙර එනම්  1872 ජනවාරි මස අරඹන ලද මෙම පුවත්පතේ සංස්කාරක වූයේ අතිශය දක්ෂ  කවටයෙකු වු  ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමිය. වයස අවුරුදු 23 දී කවට කතිකයා ඇරඹූ ඔහු එතැන් සිට වසර 40  සංස්කාරක ධුරය දරමින් පුවත්පත් කරණයේ  යෙදෙන්නට විය. මේ නිසාම ඔහු දීර්ඝතම කාලයක් පුවත්පත් රචකයෙක් ලෙස කටයුතු කළ අයෙකු ලෙස ප්‍රසිද්ධය.කවට කතිකයා පුවත්පත ආරම්භ වන්නේ කවියකිනි.

සීගිරිය පැරිස්  බස් ලියුමට පැන අතට       ගත්තා 

පවට ඔබින දුසිරිත් දුර ලැම නිතර          යුක්තා

 කවට කමක් ලැබුනොත් අතනාරින ඒක      සුත්තා 

ලකට පහළ වූ ඔබමද කවට කතික          මුත්තා   

මෙම පුවත්පතේ මුල් කවරයේ කවට මුත්තාගේ කාටුන් රූපයක් පවතී. රැලි වැටුනු මුහුණකින් හා පැසුනු රැවුල සහිත ඔහු අසල ආවතේව කරන වඳුරෙකුද සිටී. පුවත්පත ආරම්භයේ දී දැඩි විවේචනය  කරන ලැබුණි. හාස්‍ය උපදවන අයුරින් රචිත   මෙම පුවත්පතේ  කර්තෘ කවට රජා යනුවෙන් හැඳින්වීම නිසාත් ඔහුගේ කවට ගති නිසාත් නඩුවකට පවා ඔහුට මුහුණ දිමට සිදු විය.


Comments

Post a Comment

Popular posts from this blog

ජනප්‍රිය සංස්කෘතිය

සන්නිවේදනය පිළිබද නිර්වචන