ළමා මනස හා රුපවාහිනිය පුංචි ළමයි මල් වගේ යැයි කියමනක් පවතී. ඒ ළමයින් මල් වගේ සියුමැලි බැවිනි. කුඩා කාලයේ දී ඔවුන්ගේ මනසේ තැන්පත් වන සිදුවීම් වයස මුහුකුරා ගියද ඒවා මතකයෙන් මැකී නොයයි. එම නිසා දරුවන්ට නිවැරදි මග පෙන්වීමක් ලැබීම ඉතා වැදගත්. ළමයින් රූපවාහිනිය නැරඹීම සදහා දැඩි රුචිකත්වයක් දක්වයි. එය ශ්‍රව්‍ය, දෘශ්‍ය මෙන්ම ආකර්ෂණය වූ මාධ්‍යයක් නිසා විය හැකිය. දරුවන් රූපවාහිනි තුලින්ද නොයෙකුත් දේ ඉගෙන ගනු ලබයි. ඒවා සියල්ලම ඔවුන්ට ගැලපෙනවාද යන්න ගැටලුවකි. එනම් රූපවාහිනිය අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් ඉලක්ක කර ගනිමින් වැඩසටහන් විසුරුවා හරිනු ලබන මාධ්‍යයක් වන බැවින් කුඩා දරුවන්ට නොගැලපෙන සන්දේශ ද එහි අන්තර්ගත වේ . ජනමාධ්‍ය තම වාණිජ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ක්‍රියා කරයි. එහිදී හරවත් වැඩසටහන් විකාශනය යන සාධකය වූ තුළින් ගිහි ගොස් ඇත. වැඩි මුදලක් උපයා ගැනීමට ඕනෑම දෙයක් තම නාලිකා හරහා විකාශනය කරන මට්ටමට ඔවුන් පැමිණ ඇත. ඒ සියලු දේවල් ඉතා ආකර්ෂණීය ලෙස අපේ ආලින්දයට රැගෙන එන බැවින් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද නොදැනුවත්ව ම ඒවාට ආකර්ෂණය වේ. ...
Posts
Showing posts from August, 2024