Posts

Showing posts from June, 2023

ජනප්‍රිය සංස්කෘතිය

Image
                      ජනප්‍රිය සංස්කෘතිය යනු? (Popular Culture) ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම. ජනප්‍රිය සංස්කෘතිය බිහිවීම ජනමාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. වර්තමානය වන විට ජනමාධ්‍ය කටයුතු කරනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමිනි. එසේ ම මූලික වශයෙන් ජනමාධ්‍ය අත්පත් කරගෙන සිටින්නේ  බටහිර රටවල්‍ ය. නිර්වචන සමාජයේ ජිිවත් වන හැම දෙනා ගේම සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.                                                   -බටහිර මතවාදය- කාර්මික විප්ලවයේ අතුරුඵලයක්  ලෙස ජනප්‍රිය සංස්කෘතිය හැදින්විය හැකිය.                                                     - ඡෝන් ස්ටෝරි-  ජන මෝහනීය සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.                     ...

ශ්‍රිි ලංකාවේ පුවත්පත් කලාවේ ඉතිහාසය

Image
        ශ්‍රී ලංකාවේ පුවත්පත ප්‍රකාශයට පත්ව වසර 180කට ආසන්න ය. වර්ෂ 1802 ඇරඹි රජයේ ගැසට් පත්‍රය ලංකාවේ මුල්වරට පුවත්පතක හැඩය ගත් නිල ප්‍රකාශනය වේ. ලංකාවේ පුවත්පතක්  නොමැති කාල වකවානුවේදී ඉංග්‍රීසි, ලන්දේසි වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන් මුද්‍රණය ගැසට් පත්‍ර,  නිල නිවේදන, මතකාවර්ජන, සංචාරක වැඩසටහන්, නිසදෙස්  ඉදිරිපත් කරන්නට විය. 1832 කාලවකවානුව දක්වා ලක්දිව බිහි වූ ප්‍රථම පුවත්පත වශයෙන් මුද්‍රිත ගැසට්පත්‍රය පැවති බව ඓතිහාසික මූලාශ්‍ර හරහා පැහැදිලි වේ. නමුත් ඊට දශක කිහිපයකට පෙර එනම් 1805 කාල  වකවානුවේදී ලංකාව තුළ (ceylon intelligence ) යනුවෙන් කුඩා පොත්  සටහන් සහිත පත්‍රිකා පැවති බවද සඳහන් වේ. කෙසේ නමුත් ලංකාව තුල පුවත්පත් කලාවේ විකාශනය පහත පරිදි දැක්විය හැකිය. කලම්බු ජර්නල් (colombo journal) 1832  ලංකාව තුළ කලම්බු ජර්නල් පුවත්පත ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ලෙස සඳහන් කළ හැකිය.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙම පුවත්පත පිළිබඳව සඳහන් කළ ඇති බවට සාධක හමු වීමත්, රජයේ මුද්‍රණාලයක  මුද්‍රණය කළ ඇති බවට තහවුරු වීම ද එම පුවත්පත පැවති බවට සාධක සප...

සන්නිවේදනය පිළිබද නිර්වචන

Image
සන්නිවේදනය පිළිබඳ නිර්වචන ගණනාවක් ඉදිරිපත් වී ඇත. මෙම නිර්වචන ඉදිරිපත් කර ඇත්තේ විවිධ පුද්ගලයන් විසිනි. මෙම නිර්වචන පර්යාලෝක හා දෘෂ්ටි කෝණ අනුව සැකසී තිබේ. සන්නිවේදනය පිළිබඳ පිළිබඳ විද්වතුන් පමණක් නොව වෙනත් විෂය ක්ෂේත්‍ර හා සම්බන්ධ පුද්ගලයන් ද මේ සම්බන්ධව නිර්වචන ඉදිරිපත් කර ඇත.  එහිදී  දේශපාලන විද්‍යාව පිළිබඳ විශාරද වරයෙක් වූ  හැරල්ඩ් ලැස්වෙල් සන්නිවේදනය පිළිබඳව මෙවැනි අදහසක් දක්වයි. යම් කිසිවෙක් ,යම් කිසිවක්, කිසියම් මාධ්‍යයකින්,  යමෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනයයි . හැරල්ඩ් ඩි ලැස්වෙල්ගේ සන්නිවේදන නිර්වචනයන් තුළ  ප්‍රධාන සන්නිවේදන මූලිකාංග 05 ක් ඔස්සේ තොරතුරු ගලා යන බව දක්වයි. මේ තුළ ඒක මාර්ගිය සන්නිවේදනයක් එනම් එක් දිශාවකට පමණක් තොරතුරු ගලායෑමක් දක්නට ලැබේ.             සන්නිවේදකයා → පණිවිඩය→ මාධ්‍ය→ග්‍රාහකයා→බලපැම සන්නිවේදනයේ පියා ලෙස හ හැදින්වෙන සමාජ විද්‍යාඥයකු වූ විල්බර් ශ්‍රාම් සන්නිවේදනය ලෙස හඳුන්වන්නේ, තොරතුරු ගැබ්වූ සංඥාවක් කරණ කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික ස්වභාවයක් ඇති කි...