සන්නිවේදනය හැදින්විම

 සන්නිවේදනය කවදා කොතැනක ඇති වූයේ දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. නමුත් අපට ප්‍රකාශ කළ හැක්කක් ඇත. එනම් මානවයා සිතන්නට පටන් ගත් දිනයේ සිට සන්නිවේදනය ඇතිවූ බවයි. මහාචාර්ය විල්බර් ශ්‍රාම් පවසන ආකාරයට පොළොව මත ගෙවුණු දිගු ඉතිහාසය එක් දිනක් ලෙස කල්පනා කළ හොත් සන්නිවේදනය ඇති වූයේ ඊයේ මැදියම් රැයට නිමේශයකට පෙර ය. 

සන්නිවේදනය සඳහා මිනිසාගේ පංචේන්ද්‍රයන් උපයෝගී කරගනු ලබයි.

  • ඇස - දැකීම 
  • කන - ඇසිම
  • නාසය - ගඳ, සුවඳ දැනීම
  • දිව  - රස බැලීම 
  • සම  - ස්පර්ශය 

සමාජයක් ලෙස කටයුතු කිරීමේදී කිරීමේදි එහි පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. සමාජයක් යනු අන්තර් ක්‍රියාකාරකම් වලින් සමන්විත පුද්ගල කණ්ඩායම් වල එකතුවකි. එහි ක්‍රියාකාරකම් යථාර්ථයක් බවට පත් වීමට නම් සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයකි. 

වාචික හෝ හා අවාචික සන්නිවේදන ක්‍රම ඔස්සේ මෙය සිදුවේ. මහාචාර්ය හැරල් ඩී ලැස්වෙල් පවසන ආකාරයට ලෝකයේ ඉදිරි ගමන පවතින්නේ සන්නිවේදනය මතය.

සන්නිවේදනයේ නිරතවන්නේ මානවයා පමණක් නොවේ. සතුන්ද සන්නිවේදනය නිරත වේ. මානවයා  වෙනස් වන්නේ අවශ්‍යතා මත හා සංකීර්ණත්වය මතය. මානව සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියකි. නමුත් සත්‍ත්ව  සන්නිවේදනය එසේ නොවේ. මිනිස්සුන්ගේ ප්‍රධානතම සන්නිවේදන  මෙවලම භාෂාවයි. එය  සත්ත්ව සන්නිවේදනයට වඩා ප්‍රබලය. සතුන් විවිධ සාධක මත සන්නිවේදනයේ නිරත වේ.

  • ආරක්ෂක අවශ්‍යතාවය
  •  නොනැසී ජීවත් වීමේ අවශ්‍යතාවය 
  • නායකත්ව අවශ්‍යතාවය 
  •   ලිංගික අවශ්‍යතාවය 
  • ජෛවීය අවශ්‍යතාවය

මේ ආදී වූ විවිධ අවශ්‍යතා මත සතුන්  සන්නිවේදනයේ නිරත වේ.

උදාහරණ ලෙස -

  • අලින් තමන්ගේ සීමාව නිරූපණය කිරීම උදෙසා ගස් වල අතු කඩා බිම දැමීම බිම හැරීම, සිදු කරයි.
  • කපුටෙකු කෑමක් දුටුවිට ශබ්ද නගා කෑ ගසයි.ඒ තුළින් අනික් අයට කෑමක් හමුවී ඇත යන පණිවිඩයයි.

මේ ආයාකාරයට සතුන් සහ මිනිසුන් විවිධ අවශ්‍යතා විවිධ කාර්යයන් උදෙසා  සන්නිවේදනයේ  නිරත වන බව දැක්විය හැකිය.

Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රිි ලංකාවේ පුවත්පත් කලාවේ ඉතිහාසය

සන්නිවේදනය පිළිබද නිර්වචන

ජනප්‍රිය සංස්කෘතිය