ශ්‍රී ලංකාවේ පුවත්පත ප්‍රකාශයට පත්ව වසර 180කට ආසන්න ය. වර්ෂ 1802 ඇරඹි රජයේ ගැසට් පත්‍රය ලංකාවේ මුල්වරට පුවත්පතක හැඩය ගත් නිල ප්රකාශනය වේ. ලංකාවේ පුවත්පතක් නොමැති කාල වකවානුවේදී ඉංග්‍රීසි, ලන්දේසි වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන් මුද්‍රණය ගැසට් පත්‍ර, නිල නිවේදන, මතකාවර්ජන, සංචාරක වැඩසටහන්, නිසදෙස් ඉදිරිපත් කරන්නට විය. 1832 කාලවකවානුව දක්වා ලක්දිව බිහි වූ ප්‍රථම පුවත්පත වශයෙන් මුද්‍රිත ගැසට්පත්රය පැවති බව ඓතිහාසික මූලාශ්‍ර හරහා පැහැදිලි වේ. නමුත් ඊට දශක කිහිපයකට පෙර එනම් 1805 කාල වකවානුවේදී ලංකාව තුළ (ceylon intelligence ) යනුවෙන් කුඩා පොත් සටහන් සහිත පත්‍රිකා පැවති බවද සඳහන් වේ. කෙසේ නමුත් ලංකාව තුල පුවත්පත් කලාවේ විකාශනය පහත පරිදි දැක්විය හැකිය. කලම්බු ජර්නල් (colombo journal) 1832 ලංකාව තුළ කලම්බු ජර්නල් පුවත්පත ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ලෙස සඳහන් කළ හැකිය.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙම පුවත්පත පිළිබඳව සඳහන් කළ ඇති බවට සාධක හමු වීමත්, රජයේ මුද්‍රණාලයක මුද්‍රණය කළ ඇති බවට තහවුරු වීම ද එම පුවත්පත පැවති බවට සාධක සප...
Comments
Post a Comment