දිනකට සීමා නොවූ මවු සෙනෙහස Mother's Day...



මව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දෙවෙනි වන්නේ බුදුන්ට පමණි. එම නිසාම දෙවැනි බුදුන් ලෙස ඇයව හඳුන්වනු ලබයි. 
සෑම වසරකම මැයි මාසේ දෙවන ඉරු දින ලෝක මවුවරුන්ගේ දිනය දෙස නම් කර ඇත. ජාත්‍යන්තර දින කැලැන්ඩරයට මෙම දිනය එකතුවීම පිටුපස අපූරු කතාවක් සැඟවී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ඇනා ජාවිස් තැනැත්තිය 1908 වසරේ මැයි මාසයේ දෙවන ඉරුදින සිය මව අනුස්මරණය කළ අතර පසුව ඇය එය රාජ්‍ය පිළිගත් නිවාඩු දිනයක් බවට පත්කිරීමට කටයුතු  ආරම්භ කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසට  1912 වසරේ සිට සෑම වසරකම මැයි මාසේ දෙවන ඉරුදින ලෝක මවුවරුන්ගේ දිනය බවට පත්වෙලා තියෙනවා. එදා සිට අද දක්වාම සෑම රටකම මැයි මාසයේ දෙවන ඉරුදින ලෝක මවුවරුන්ගේ දිනය සමරනවා.
 දියණියක ලෙස කුඩා කාලය කෙලි ලොල්ව ගත කරන ඇය විවාහයෙන් පසුව බිරිඳක් බවට පත්වෙයි. එතැන් පටන් ජීවිතේ අසීරුම කාලසීමාවට මුහුණ දීමට ඇය පටන් ගනියි. දරුවෙකු කුස පිළිසිඳ ගත් දා සිට ඔහු මෙලොව එළිය දකින තුරුම නොයෙකුත් කායික හා මානසික වේදනාවන්ට මුහුණ දීමට ඇයට සිදුවෙයි.සමාජය විසින් සම්මත කරගෙන තියෙන ආකාරයට දරුවන්ගේ සියලු‍ වගකීම් භාර වන්නේ මව  වෙතයි. ඔවුන් කරන වැරදි වලට නොයෙකුත් උදෝෂාරෝපණ එළවන්නේද ඇය වෙතයි.  මේ සියලු‍ දේවල් විවිධ දරාගෙන ඇය නිරතුරුව තම දරුවන් ඇතුළු පවුලේ සියලු‍ දෙනාම සතුටින් තැබීමට උත්සාහ කරයි.
එහෙත් ඇය මේ කරන කැප කිරීම් වලට  වටිනාකමක් ලැබෙන්නේ හරිම අඩුවෙන්. දරුවන්ගේ සතුට වෙනුවෙන් තම ජීවිත කාලයම කැප කරන ඇයට අවසානයේදී සිදුවන්නේ කාත් කවුරුවත් නොමැති අසරණියක් ලෙස මහ මඟ  මියදීමටයි. මෙවැනි සිදුවීම් රැසක් මෑත කාලීනව අපට අසන්නට ලැබුණි. එලෙසම ලෝකය පුරාම වයෝවෘද්ධ පුද්ගලයන් වෙනුවෙන් නිම කරන වැඩිහිටි නිවාස ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී.
 තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරන ඇයට අවසානයේදී මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවීම කෙතරම් නම් අභාග්‍ය සම්පන්න විය හැකිද? මවකගේ ගුණ සැමරීම දිනකට පමණක් සීමා වි කළ හැකි දෙයක් නොවෙයි. ඇයගේ ගුණ මෙතෙක් යැයි කියා නිම කිරීමටවත් නොහැකි තරම්ය. තමන් වෙනුවෙන් මෙලෙස කැප කිරීම් කරණ උතුම් දේවතාවියක් වැනි ඇයට සැලකීම ලෝකයට පෙනෙන්නට නොව එය හදවතින්ම කළ යුතු දෙයකි.

 

Comments

Popular posts from this blog

ශ්‍රිි ලංකාවේ පුවත්පත් කලාවේ ඉතිහාසය

සන්නිවේදනය පිළිබද නිර්වචන

ජනප්‍රිය සංස්කෘතිය