Posts

ළමා මනස හා රුපවාහිනිය පුංචි ළමයි මල් වගේ යැයි කියමනක් පවතී. ඒ ළමයින් මල් වගේ සියුමැලි බැවිනි. කුඩා කාලයේ දී ඔවුන්ගේ මනසේ තැන්පත් වන සිදුවීම් වයස මුහුකුරා ගියද ඒවා මතකයෙන් මැකී නොයයි. එම නිසා දරුවන්ට  නිවැරදි  මග පෙන්වීමක් ලැබීම ඉතා වැදගත්.  ළමයින් රූපවාහිනිය නැරඹීම සදහා දැඩි රුචිකත්වයක් දක්වයි. එය ශ්‍රව්‍ය, දෘශ්‍ය මෙන්ම ආකර්ෂණය වූ මාධ්‍යයක් නිසා විය හැකිය. දරුවන් රූපවාහිනි තුලින්ද නොයෙකුත්   දේ ඉගෙන ගනු ලබයි. ඒවා සියල්ලම ඔවුන්ට ගැලපෙනවාද යන්න ගැටලු‍වකි. එනම් රූපවාහිනිය අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් ඉලක්ක කර ගනිමින් වැඩසටහන් විසුරුවා හරිනු ලබන මාධ්‍යයක් වන බැවින් කුඩා දරුවන්ට නොගැලපෙන සන්දේශ ද එහි අන්තර්ගත වේ . ජනමාධ්‍ය තම වාණිජ අරමුණු මුදුන්පත් කර  ගැනීම සඳහා ක්‍රියා කරයි. එහිදී හරවත් වැඩසටහන් විකාශනය යන සාධකය වූ තුළින් ගිහි ගොස් ඇත. වැඩි මුදලක් උපයා ගැනීමට ඕනෑම දෙයක් තම නාලිකා හරහා විකාශනය කරන මට්ටමට ඔවුන් පැමිණ ඇත. ඒ සියලු‍ දේවල් ඉතා ආකර්ෂණීය ලෙස අපේ ආලින්දයට රැගෙන එන බැවින් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද නොදැනුවත්ව ම ඒවාට ආකර්ෂණය වේ.      ...
Image
දිනකට සීමා නොවූ මවු සෙනෙහස  Mother's Day... මව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දෙවෙනි වන්නේ බුදුන්ට පමණි. එම නිසාම දෙවැනි බුදුන් ලෙස ඇයව හඳුන්වනු ලබයි.  සෑම වසරකම මැයි මාසේ දෙවන ඉරු දින ලෝක මවුවරුන්ගේ දිනය දෙස නම් කර ඇත. ජාත්‍යන්තර දින කැලැන්ඩරයට මෙම දිනය එකතුවීම පිටුපස අපූරු කතාවක් සැඟවී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ඇනා ජාවිස් තැනැත්තිය 1908 වසරේ මැයි මාසයේ දෙවන ඉරුදින සිය මව අනුස්මරණය කළ අතර පසුව ඇය එය රාජ්‍ය පිළිගත් නිවාඩු දිනයක් බවට පත්කිරීමට කටයුතු  ආරම්භ කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසට  1912 වසරේ සිට සෑම වසරකම මැයි මාසේ දෙවන ඉරුදින ලෝක මවුවරුන්ගේ දිනය බවට පත්වෙලා තියෙනවා. එදා සිට අද දක්වාම සෑම රටකම මැයි මාසයේ දෙවන ඉරුදින ලෝක මවුවරුන්ගේ දිනය සමරනවා.  දියණියක ලෙස කුඩා කාලය කෙලි ලොල්ව ගත කරන ඇය විවාහයෙන් පසුව බිරිඳක් බවට පත්වෙයි. එතැන් පටන් ජීවිතේ අසීරුම කාලසීමාවට මුහුණ දීමට ඇය පටන් ගනියි. දරුවෙකු කුස පිළිසිඳ ගත් දා සිට ඔහු මෙලොව එළිය දකින තුරුම නොයෙකුත් කායික හා මානසික වේදනාවන්ට මුහුණ දීමට ඇයට සිදුවෙයි.සමාජය විසින් සම්මත කරගෙන තියෙන ආකාරයට දරුවන්ගේ සියලු‍ වගකීම්...
Image
 

ජනප්‍රිය සංස්කෘතිය

Image
                      ජනප්‍රිය සංස්කෘතිය යනු? (Popular Culture) ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම. ජනප්‍රිය සංස්කෘතිය බිහිවීම ජනමාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. වර්තමානය වන විට ජනමාධ්‍ය කටයුතු කරනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමිනි. එසේ ම මූලික වශයෙන් ජනමාධ්‍ය අත්පත් කරගෙන සිටින්නේ  බටහිර රටවල්‍ ය. නිර්වචන සමාජයේ ජිිවත් වන හැම දෙනා ගේම සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.                                                   -බටහිර මතවාදය- කාර්මික විප්ලවයේ අතුරුඵලයක්  ලෙස ජනප්‍රිය සංස්කෘතිය හැදින්විය හැකිය.                                                     - ඡෝන් ස්ටෝරි-  ජන මෝහනීය සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.                     ...

ශ්‍රිි ලංකාවේ පුවත්පත් කලාවේ ඉතිහාසය

Image
        ශ්‍රී ලංකාවේ පුවත්පත ප්‍රකාශයට පත්ව වසර 180කට ආසන්න ය. වර්ෂ 1802 ඇරඹි රජයේ ගැසට් පත්‍රය ලංකාවේ මුල්වරට පුවත්පතක හැඩය ගත් නිල ප්‍රකාශනය වේ. ලංකාවේ පුවත්පතක්  නොමැති කාල වකවානුවේදී ඉංග්‍රීසි, ලන්දේසි වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන් මුද්‍රණය ගැසට් පත්‍ර,  නිල නිවේදන, මතකාවර්ජන, සංචාරක වැඩසටහන්, නිසදෙස්  ඉදිරිපත් කරන්නට විය. 1832 කාලවකවානුව දක්වා ලක්දිව බිහි වූ ප්‍රථම පුවත්පත වශයෙන් මුද්‍රිත ගැසට්පත්‍රය පැවති බව ඓතිහාසික මූලාශ්‍ර හරහා පැහැදිලි වේ. නමුත් ඊට දශක කිහිපයකට පෙර එනම් 1805 කාල  වකවානුවේදී ලංකාව තුළ (ceylon intelligence ) යනුවෙන් කුඩා පොත්  සටහන් සහිත පත්‍රිකා පැවති බවද සඳහන් වේ. කෙසේ නමුත් ලංකාව තුල පුවත්පත් කලාවේ විකාශනය පහත පරිදි දැක්විය හැකිය. කලම්බු ජර්නල් (colombo journal) 1832  ලංකාව තුළ කලම්බු ජර්නල් පුවත්පත ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ලෙස සඳහන් කළ හැකිය.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙම පුවත්පත පිළිබඳව සඳහන් කළ ඇති බවට සාධක හමු වීමත්, රජයේ මුද්‍රණාලයක  මුද්‍රණය කළ ඇති බවට තහවුරු වීම ද එම පුවත්පත පැවති බවට සාධක සප...

සන්නිවේදනය පිළිබද නිර්වචන

Image
සන්නිවේදනය පිළිබඳ නිර්වචන ගණනාවක් ඉදිරිපත් වී ඇත. මෙම නිර්වචන ඉදිරිපත් කර ඇත්තේ විවිධ පුද්ගලයන් විසිනි. මෙම නිර්වචන පර්යාලෝක හා දෘෂ්ටි කෝණ අනුව සැකසී තිබේ. සන්නිවේදනය පිළිබඳ පිළිබඳ විද්වතුන් පමණක් නොව වෙනත් විෂය ක්ෂේත්‍ර හා සම්බන්ධ පුද්ගලයන් ද මේ සම්බන්ධව නිර්වචන ඉදිරිපත් කර ඇත.  එහිදී  දේශපාලන විද්‍යාව පිළිබඳ විශාරද වරයෙක් වූ  හැරල්ඩ් ලැස්වෙල් සන්නිවේදනය පිළිබඳව මෙවැනි අදහසක් දක්වයි. යම් කිසිවෙක් ,යම් කිසිවක්, කිසියම් මාධ්‍යයකින්,  යමෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනයයි . හැරල්ඩ් ඩි ලැස්වෙල්ගේ සන්නිවේදන නිර්වචනයන් තුළ  ප්‍රධාන සන්නිවේදන මූලිකාංග 05 ක් ඔස්සේ තොරතුරු ගලා යන බව දක්වයි. මේ තුළ ඒක මාර්ගිය සන්නිවේදනයක් එනම් එක් දිශාවකට පමණක් තොරතුරු ගලායෑමක් දක්නට ලැබේ.             සන්නිවේදකයා → පණිවිඩය→ මාධ්‍ය→ග්‍රාහකයා→බලපැම සන්නිවේදනයේ පියා ලෙස හ හැදින්වෙන සමාජ විද්‍යාඥයකු වූ විල්බර් ශ්‍රාම් සන්නිවේදනය ලෙස හඳුන්වන්නේ, තොරතුරු ගැබ්වූ සංඥාවක් කරණ කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික ස්වභාවයක් ඇති කි...

සන්නිවේදනය හැදින්විම

 සන්නිවේදනය කවදා කොතැනක ඇති වූයේ දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. නමුත් අපට ප්‍රකාශ කළ හැක්කක් ඇත. එනම් මානවයා සිතන්නට පටන් ගත් දිනයේ සිට සන්නිවේදනය ඇතිවූ බවයි. මහාචාර්ය විල්බර් ශ්‍රාම් පවසන ආකාරයට පොළොව මත ගෙවුණු දිගු ඉතිහාසය එක් දිනක් ලෙස කල්පනා කළ හොත් සන්නිවේදනය ඇති වූයේ ඊයේ මැදියම් රැයට නිමේශයකට පෙර ය.  සන්නිවේදනය සඳහා මිනිසාගේ පංචේන්ද්‍රයන් උපයෝගී කරගනු ලබයි. ඇස - දැකීම  කන - ඇසිම නාසය - ගඳ, සුවඳ දැනීම දිව  - රස බැලීම  සම  - ස්පර්ශය  සමාජයක් ලෙස කටයුතු කිරීමේදී කිරීමේදි එහි පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. සමාජයක් යනු අන්තර් ක්‍රියාකාරකම් වලින් සමන්විත පුද්ගල කණ්ඩායම් වල එකතුවකි. එහි ක්‍රියාකාරකම් යථාර්ථයක් බවට පත් වීමට නම් සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයකි.  වාචික හෝ හා අවාචික සන්නිවේදන ක්‍රම ඔස්සේ මෙය සිදුවේ. මහාචාර්ය හැරල් ඩී ලැස්වෙල් පවසන ආකාරයට ලෝකයේ ඉදිරි ගමන පවතින්නේ සන්නිවේදනය මතය. සන්නිවේදනයේ නිරතවන්නේ මානවයා පමණක් නොවේ. සතුන්ද සන්නිවේදනය නිරත වේ. මානවයා  වෙනස් වන්නේ අවශ්‍යතා මත හා සංකීර්ණත්වය මතය. මානව සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියක...